හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින්...
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
දෛවයෝගයකින්...
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: වික්ටර් රත්නායක[endtext]
Daiwayogayakin Nowedo Hamuwune - Victor Ratnayake
