ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ
සිහිල් සුළං රැල්ලේ...
සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ
සිහිල් සුළං රැල්ලේ...
ගායනය - විශාරද වික්ටර් රත්නායක
පද රචනය - සේන වීරසේකර
සංගීතය - විශාරද වික්ටර් රත්නායක[endtext]
VICTOR RATNAYAKE ......SIHIN SULAN RALLE....
